ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම ඉහළට යද්දී සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවයි

Report

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව, මේ දක්වා ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 61ක් ලෙස වාර්තා වී තිබේ.

ඊයේ (29) දිනය තුළ නව ඩෙංගු මරණ කිසිවක් වාර්තා වී නොමැත. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,850කි.

අද සිට අගෝස්තු 3 දක්වා එල් - නිනෝ නිසා ලංකාවට වෙන්න යන දේ - සූදානමින් සිටින්නැයි දිවයිනටම රතු එළි

අද සිට අගෝස්තු 3 දක්වා එල් - නිනෝ නිසා ලංකාවට වෙන්න යන දේ - සූදානමින් සිටින්නැයි දිවයිනටම රතු එළි

දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 16,716ක් ලෙස සටහන් වේ. පළාත් අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් තවදුරටත් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

එම පළාතෙන් මේ දක්වා රෝගීන් 44,552ක් හඳුනාගෙන තිබේ. දකුණු පළාතෙන් දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 12,656කි. මේ අතර, දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්

මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්