ඩෙංගු යළිත් හිස ඔසවයි - සෞඛ්‍ය අංශ වෙතින් දැනුවත් කිරීමක්
ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇති බැවින් දින දෙකකට වඩා උණ තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලීමක් සිදු කර තිබේ .
මේ වන විට රෝගීන් 29,589 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 15ක් සිදුව තිබේ.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කරන්නේ අධිඅවදානම් කලාප 39ක් හඳුනාගෙන ඇති බවත් මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි .