රෝගය උත්සන්න වී තත්ත්වය දරුණු අතට - රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී 31 මරුට
2026 වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා අවාසනාවන්ත ලෙස ඉහළ ගොස් තිබේ.
පසුගිය ජුනි 25 සහ 26 යන දෙදින තුළ ලැබුණු නවතම සෞඛ්‍ය දත්ත පදනම් කරගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ බව නිල වශයෙන් සඳහන් කළේය.
මෙලෙස වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව දැනට රට පුරා විවිධ රෝහල්වලින් නිල වශයෙන් වාර්තාවන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් ලෙස ගත්කල 0.06 ක් බව සෞඛ්‍ය වාර්තාවල සඳහන් වේ.
මෙම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ දිවයිනෙන්ම වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51049 දක්වා ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
ඉන් වත්මන් ජුනි මාසයේදී පමණක් අලුතින්ම ඩෙංගු රෝගීන් 17208 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
දිවයිනේ පවතින බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම හා නැගෙනහිර යන ප්‍රධාන පළාත්වලින් මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය විශේෂයෙන් සඳහන් කරයි.
සමාජ මාධ්‍යම කලඹමින් මිස්‍ටර් කොත්තුගේ වීඩියෝ ලීක් හිතාගන්නවත් බැරි තොරතුරු එළියට - පරුෂ වචනයෙන් බැන සේවකයන්ට පහර දුන්නට අත්අඩංගුවට ගැනීමට විමර්ශන
එමෙන්ම වසංගත තත්ත්වය පැතිරීමේ ඉහළ අවදානමක් පවතින බැවින් නිල වශයෙන් නම් කරන ලද අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව මේ වන විට 124 ක් දක්වා ඉහළ ගොස් තිබේ.