තවත් දරුණු රෝග දෙකක වැඩිවීමක් - දරුණු අනතුරු ඇඟවීමක්

Report

මේ වන විට ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එම ප්‍රදේශ ඉලක්කගත කරමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව පවතින වර්ෂාමය තත්ත්වයත් සමඟ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම රෝගීන් වැඩිපුර වාර්තා වීම සිදුවේ බස්නාහිර පළාතේ හෝමාගම හේනේ වත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින්ය. ඒ අනුව මෙම ප්‍රදේශය මූලික කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවද සඳහන් වේ.

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ සොෆ්ලොජික් ලයිෆ් ආයතනය එක්ව ”ඩෙංගු සහ චිකුන්ගුන්යා පරදවමු” යන තේමා පාඨය යටතේ මෙම විශේෂ මදුරු මර්දන ක්‍රියාවට නංවනු ලැබීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්මේන්ද්‍ර දමයත්කුමාර තෙන්නකෝන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර, ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ නිලධාරීන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්