45-50 අයටත් හැදෙන 'ඩිමෙන්ෂියාව'- මොළයේ ස්නායු නීරෝගීව තබාගන්න විශේෂඥ වෛද්‍ය උපදෙස් මෙන්න

Report
Courtesy: Dinamina

     කායික මෙන්ම මාන­සික සුවය සඳහා මොළයේ සෞඛ්‍යය රැක­ගැ­නීම ඉතා වැද­ගත් කරුණක් වේ

විශේ­ෂ­යෙන්ම මොළයේ ස්නායු­ග­තව ඇති­වන රෝග බොහො­ම­යක් බරපතල වේ

ඒ ඇතුළු කරුණු පිළි­බඳ කැල­ණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය, ස්නායු රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය දුන්‍යා ලූක් මහ­ත්මිය සදහන් කර තිබේ .

එතුමිය තව දුරටත් සදහන් කරනු ලබන්නේ මෙවන් අදහසකි   

' විශේ­ෂ­යෙන්ම ‘ඩිමෙ­න්ෂි­යාව’ හෙවත් මත­කය අඩු­වීම වළක්වා ගන්න අපිට කරන්න පුළු­වන් දේවල් 14කට වඩා තියෙ­නවා. ඒ වග ලෝක සමී­ක්ෂ­ණ­ව­ලින් හොයා­ගෙන තියෙ­නවා. ඩිමෙ­න්ෂි­යාව කියන්නේ වය­සට ගියාම විත­රක් හැදෙන රෝග­යක් නෙමෙයි, වයස 45 – 50 කාණ්ඩ­වල අය­ටත් හැදෙන්න පුළු­වන්. තවමී­ක්ෂ­ද සණ­ව­ලින් හෙළි­වෙලා තියෙ­නවා ලෝකයේ විශාල පිරි­සක් ස්නායු රෝග­ව­ලින් පෙළෙ­නවා කියලා. මේක එත­රම් හොඳ තත්ත්ව­යක් නෙමෙයි. සම­හර ස්නායු රෝග බෙහෙත් දීලා සුව කරන්න පුළු­වන් වුණත්, අංශ­භා­ගය, ඩිමෙ­න්ෂි­යාව ආදි රෝග ඉතා දීර්ඝ­කා­ලී­නව පව­ති­නවා. මේවා එක­වර සුව කරන්න බැහැ. මේවා පුද්ග­ල­යාගේ සහ සමා­ජයේ යහ­පැ­වැ­ත්මට වගේම සෞඛ්‍ය සේවා­ව­ටත් ලොකු බල­පෑ­මක් එල්ල කර­නවා. වැද­ගත්ම දේ අඛ­ණ්ඩව අලුත් දේ ඉගෙන ගැනී­මයි. අපේ මොළය කියන්නේ හරි­යට ක්‍රියා­ශී­ලීව තියා­ගන්න ඕන පේශි­යක් (muscle) වගේ දෙයක්. පාසල් හෝ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ඉවර වුණා කියලා ඉගෙන ගැනීම නතර කරන්න හොඳ නැහැ. ජීවිත කාලය පුරාම නොදන්න අලුත් භාෂා­වක්, සංගීත භාණ්ඩ­යක් හෝ අලුත් කුස­ල­තා­වක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරස් පද ප්‍රහේ­ළිකා විස­ඳීම ආදිය වැද­ගත්. ඒ වගේම නිතර GPS බලන්නේ නැතුව යන්න ඕන පාර මතක තියා­ගෙන යන්න උත්සාහ කරන එකෙන් මොළයේ ස්නායු සෛල සක්‍රි­යව තියා­ගන්න ලොකු පිටි­ව­හ­ලක් ලැබෙ­නවා. ඒ වගේම නිද­න්ගත රෝග නිසි ලෙස පාල­නය කර ගැනී­මත් වැද­ගත්. අපේ මොළයේ නිසි ක්‍රියා­කා­රී­ත්ව­යට නීරෝගි රුධිර සංස­ර­ණ­යක් අත්‍ය­ව­ශ්‍යයි. අධි රුධිර පීඩ­නය, අධික කොලෙ­ස්ට­රෝල් සහ දිය­වැ­ඩි­යාව ආදි තත්ත්ව­යන් මඟින් මොළ­යට රුධි­රය ගෙනි­යන කුඩා රුධිර නාළ හිර­වෙන්න හෝ හානි වෙන්න පුළු­වන්. පෙනීම සහ ශ්‍රව­ණය ආරක්ෂා කර­ගැ­නී­මත් අත්‍ය­ව­ශ්‍යයි. අපේ මොළ­යට බාහිර ලෝක­යෙන් දත්ත ලැබෙන්නේ ඇස්, කන් හර­හායි.

ශ්‍රව­ණා­බාධ හෝ පෙනීමේ දුර්ව­ලතා තියෙද්දී මොළ­යට ලැබෙන සංඥා ප්‍රමා­ණය අඩු වෙනවා. එවිට මොළයේ යම් යම් කොටස් අක්‍රිය වෙන්න ගන්නවා. ඉතින් කන ඇසීමේ හෝ ඇස් පෙනීමේ අඩු­වක් දැනුණු ගමන් වෛද්‍ය­ව­ර­යකු හමුවී කණ්ණාඩි පැල­ඳීම, ශ්‍රවණ ආධා­රක භාවිත කිරීම ආදි­යට යොමු­වීම මඟින් මොළය නිර­න්ත­ර­යෙන් උත්තේ­ජ­නය වෙන වග තහ­වුරු කර­ගන්න ඕනේ. අනෙක, මොළ­යට සිදු­වන අන­තු­රු­ව­ලින් ආරක්ෂා වීමත් වැද­ගත්. සිරුරේ අනික් කොට­ස්ව­ලට සිදු­වන තුවාල සුව වුණත් මොළ­යට සිදු­වන අන­තුරු නිසා ස්නායු සෛල­ව­ලට දීර්ඝ­කා­ලීන බල­පෑම් ඇති­වෙන්න පුළු­වන්. කුඩා කාලයේ හෝ තරුණ වියේදී සිදු­වන හිසේ අන­තුරු පවා පසු­කා­ලී­නව ඩිමෙ­න්ෂි­යාව ඇති වීමේ අව­දා­නම වැඩි කර­නවා.

ඉතාලියෙන්ම වාර්තා වන මහා කලා සොරකම- පුනරුද යුගයේ දුර්ලභ චිත්‍ර 4ක් කෞතුකාගාරයකින් අතුරුදන්

ඉතාලියෙන්ම වාර්තා වන මහා කලා සොරකම- පුනරුද යුගයේ දුර්ලභ චිත්‍ර 4ක් කෞතුකාගාරයකින් අතුරුදන්

ඒ නිසා මෝටර් සයි­කල් පදිද්දී අනි­වා­ර්ය­යෙන්ම හෙල්මට් පැල­ඳීම, රථ­වා­හ­න­වල යද්දී සීට් බෙල්ට් පැල­ඳීම සහ ක්‍රීඩා කරද්දී හිස ආරක්ෂා කර­ගැ­නීම ආදිය ඉතා වැද­ගත්. දුම්පා­න­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම තොර­විය යුතුයි. දුම්වැටි භාවි­තය කියන්නේ මොළයේ රුධිර නාළ­ව­ලට ඍජු­වම හානි කරන ප්‍රධාන සතු­රෙක්. දුම්පා­නය නිසා මොළ­යට ලැබෙන ඔක්සි­ජන් ප්‍රමා­ණය අඩු වෙනවා. ඒ වගේම රුධිර නාළ ගණ­කම් වී හිර­වී­මට ඇති ඉඩ­කඩ වැඩියි. මේ නිසා ඩිමෙ­න්ෂි­යාව විත­රක් නෙමෙයි, එක්ව­රම සිරුරේ පැත්තක් අප්‍රා­ණික වෙන අංශ­භාග තත්ත්ව­යත් හැදෙන්න තියෙන ඉඩ­කඩ ගොඩක් වැඩියි.

මොළයේ ආර­ක්ෂාව වෙනු­වෙන් දුම්බීම නතර කිරීම අත්‍ය­ව­ශ්‍යයි. නිතර ව්‍යායාම කිරීම සහ ශරීර බර පාල­නය කර ගැනීම වැද­ගත්. දින­පතා අවම වශ­යෙන් විනාඩි 30ක්වත් වේග­යෙන් ඇවි­දීම, පඩි­පෙළ නැඟීම හෝ බයි­සි­කල් පැදීම ආදි හෘද ස්පන්ද­න­යට බල­පාන ව්‍යායා­ම­යක නිරත වීම මොළයේ සෞඛ්‍ය­යට ඉතා හිත­ක­රයි. ව්‍යායාම කරද්දී මොළ­යට ඔක්සි­ජන් සහ පෝෂ­ණය හොඳින් ලැබෙ­නවා. නින්ද කියන්නේ ඉතා වැද­ගත් සාධ­ක­යක්. වරින් වර නින්දට යෑමට වඩා එක දිගට අවම වශ­යෙන් පැය 6කවත් හොඳ නින්දක් ලබා ගන්න ඕනේ. සමී­ක්ෂ­ණ­ව­ලින් හොයා­ගෙන තියෙ­නවා, අපි නිදා­ගෙන ඉන්න වෙලා­වට තමයි මොළයේ තියෙන අප­ද්‍රව්‍ය බැහැර කරලා මොළයේ යහ­පැ­වැත්ම වැඩි කරන්නේ කියලා. ඔව්, ශ්‍රී ලංකා ස්නායු රෝග විශේ­ෂඥ වෛද්‍ය සංග­මය විසින් මේ සඳහා විශේ­ෂිත වෙබ් අඩ­වි­යක් සහ QR කේත­යක් නිර්මා­ණය කරලා තියෙ­නවා. ඒ හරහා සුලබ ස්නායු රෝග පිළි­බඳ රෝගීන්ට තොර­තුරු ලබා­දෙන පත්‍රිකා කිය­වන්න පුළු­වන්. රෝග වළක්වා ගන්න නම්, මේ ගැන මහ­ජ­න­තාව දැනු­වත් වීමයි පළමු පිය­වර. අපේ ආයු කාලය වැඩි වෙනවා වගේම, අපේ මොළ­යත් නීරෝ­ගිව තබා­ගැ­නීම තමයි අපේ අර­මුණ වෙන්න ඕනේ. සමී­ක්ෂ­ණ­ව­ලින් පෙන්වා දෙන විදි­හට විෂා­දය (Depression) ආදි මාන­සික ගැටලු ඇති අයට ඩිමෙ­න්ෂියා රෝගය හැදෙන්න තියෙන අව­දා­නම සහ ප්‍රව­ණ­තාව වැඩියි. සෞඛ්‍ය අංශ­යෙන් ස්නායු රෝග පිළි­බඳ වෛද්‍ය­ව­රුන් සංඛ්‍යාව වැඩි­දි­යුණු කිරීම, රෝහ­ල්වල යන්ත්‍රෝ­ප­ක­රණ සහ පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීම අව­ශ්‍යයි. ඒ වගේම රෝග නිවා­ර­ණ­යේදී සමා­ජ­යක් විදි­හට අපි හැමෝ­ටම වග­කී­මක් තියෙ­නවා. ඒ, ලෙඩක් හැදු­ණට පස්සේ බෙහෙත් ගන්න­වාට වඩා, මේ වගේ රෝග ගැන කලින් දැනු­වත් වෙලා වෛද්‍ය උප­දෙස් ලබා­ගෙන ඒවා පිළි­පැ­දී­ම­ටයි.

මේ අයුරින් ඩිමෙ­න්ෂි­යාව තත්වය ගැන බොහෝ කරුණු වෛද්‍යතුමිය ගෙන හැර දක්වා ඇත