විදෙස්ගත ශ්‍රමිකයින්ට සුබ ආරංචියක් - බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
විදෙස්ගත ශ්‍රමිකයින් තමන් විදේශයන්හිදී නීත්‍යනුකූලව උපයන ආදායම නිල බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු අය කිරීම් සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරි ස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ බදු කාර්යයන් සඳහා පුද්ගලයෙකු "වාසිකයෙකු" ලෙස සැලකෙන්නේ නම් පමණක් එම පුද්ගලයා විදේශයන්ගෙන් මෙන්ම මෙරටින් ලබන සමස්ත ආදායම බද්දට යටත් වන බවයි.
සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට
නමුත් අදාළ තක්සේරු වර්ෂය තුළ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ බදු කාර්ය සඳහා වාසිකයෙකු නොවන්නේ නම් , ඔහු හෝ ඇය විදේශයකදී උපයන ආදායම ශ්‍රී ලංකාව තුළ බද්දට යටත් නොවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එබැවින් විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවන අවස්ථාවේදී බැංකු පද්ධතිය මඟින් එම මුදල් සඳහා වෙනම බද්දක් අය කරගැනීමක් සිදු නොවන බවත්, තමන් නීත්‍යනුකූලව උපයන මුදල් බැංකු හරහා මෙරටට ගෙනවිත් නීත්‍යනුකූල ලෙස ආයෝජනය කිරීමේ පූර්ණ හැකියාව ඔවුන්ට හිමිවන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.