ලංකාවම ඩෙංගු ගුහාවක් වෙයි - වැඩිම ඩෙංගු මේ දිස්ත්‍රික්කයෙන්

Report

වසරේ මේ දක්වා වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,254 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ, ගතවු දින 16 තුළ ඩෙංගු රෝගීන් 6,914 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වන සියයට 21.32 ක් වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි. මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් වේ.