දෙමටගොඩ චමින්දගේ බිරිඳ රටින් පැන යයි...

Colombo Sri Lanka Court of Appeal of Sri Lanka
By Parami Dissanayake Jul 03, 2024 06:12 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මරණ දඬුවම නියමවී සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී රටින් පළාගොස් තිබෙනවා.

ඇය විසින් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30ක පමණ රන් භාණ්ඩ තොගයක් උකස් කළ බවට තහවුරුවීමත් සමග එලෙස ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම්වී ඇත.

ඒ අනුව ඇය දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේ ය.