ආරක්ෂක විශ්ව විද්‍යාලයට නව උපකුලපතිවරයෙක්.

Sri Lanka Ministry of Defense Sri Lanka
By Hashini Sep 02, 2023 07:18 AM GMT
Hashini

Hashini

Report

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර ඊයේ (01) වැඩ භාර ගනු ලැබුවා.

ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්ගේ ධුර කාලය නිම වීම හේතුවෙන් නව උපකුලපතිවරයා වැඩ භාර ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර මීට පෙර කටයුතු කරනු ලැබුවා.

නව උපකුලපතිවරයා පිලිගැනීම වෙනුවෙන් උත්සවයක් ඊයේ පැවැත්වුණු අතරම, ඔහු වෙනුවෙන් ගෞරව සම්මාන මුරයක්ද පවත්වා තිබෙනවා.

උපකුලපතිවරයා ආරක්ෂක විශ්ව විද්‍යාල භුමියේ පිහිට ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.   

ReeCha