තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි

By Ashfa Oct 08, 2026 07:01 AM GMT
Report

පවතින කාලගුණ තත්ත්වයත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 1ක් බැඟින් විවෘත කර ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජලාශය පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

ඉදිරි පැය 24 අවදානම් - වහාම මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම වෙන්න

ඉදිරි පැය 24 අවදානම් - වහාම මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම වෙන්න

මීට අමතරව කැළණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ද ඊයේ රාත්‍රියේ සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරුඔයට තත්පරයට ඝන අඩි 1,400ක පමණ ජල ප්‍රමාණයක් මුදාහැරෙමින් පවතී.

මේ පිළිබඳව අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ, මෙය ගංවතුර අවදානම් තත්ත්වයක් නොවන නමුත් ජලාශයට පහළින් පිහිටි ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ඒ ආශ්‍රිත මාර්ග භාවිතා කරන්නන් ඉදිරියේදී විමසිලිමත්ව සහ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.