නවසීලන්ත සිහිනය පෙන්වා කෝටි 20කට විද්ද මහා ජාවාරම - ප්‍රසිද්ධ නිළියකගේ සොහොයුරෙකුත් පැටලෙයි
නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වංචා කළ බව කියන විදේශ රැකියා ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම ජාවාරමට හසුවූ පිරිසක් අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක ද නිරත වී ඇත.
වංචාවට සම්බන්ධ බව කියන ආයතනයේ විදේශ රැකියා ලියාපදිංචිය ව්‍යාජ එකක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම, මුල් පිරිසගෙන් මුදල් ලබාගැනීමෙන් අනතුරුව වෙනත් නම් යටතේ ආයතන පිහිටුවා ගනිමින් ද මෙලෙස මූල්‍ය වංචා සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
මෙම ජාවාරමේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස ප්‍රසිද්ධ නිළියකගේ සොහොයුරෙකු සම්බන්ධ බවට ද චෝදනා එල්ල වී තිබේ.