ළදරු ත්‍රිපෝෂ නිෂ්පාදනයේ පිළිකා කාරක ඇෆ්ලටොක්සින් හමුවූ බව හෙළිවෙයි

Report

ආනයනය කරන ලද බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් වරායේ සිරවී තිබීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පවසයි.

කෝප් කමිටුව හමුවේ කරුණු දක්වමින් ඔහු සඳහන් කළේ, 2024 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආනයනය කළ මෙම බඩඉරිඟු තොගය වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ගැටලු සහ නැවත කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව මතුවීම හේතුවෙන් ප්‍රමාදයන් සිදුව ඇති බවද ඔහු පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන්ට හදිසි දැනුම්දීමක් - අද පැවැත්වීමට තිබූ සියලු විභාග සහ දේශන අත්හිටුවයි

විශ්වවිද්‍යාල සිසුන්ට හදිසි දැනුම්දීමක් - අද පැවැත්වීමට තිබූ සියලු විභාග සහ දේශන අත්හිටුවයි

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන බඩඉරිඟු සැපයුම අඩාල වීම වත්මන් නිෂ්පාදන බාධාවලට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව අනුව මාසිකව නිෂ්පාදනය කළ යුතු ත්‍රිපෝෂ ප්‍රමාණයෙන් සපුරාලීමට හැකි වී ඇත්තේ 49.5%ක් පමණක් බවද සභාපතිවරයා අනාවරණය කළේය.

කෙසේ වෙතත්, වසර අවසන් වන විට එම නිෂ්පාදන ධාරිතාව 60% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

එමෙන්ම බඩඉරිඟු සහ සහල්වල ඇෆ්ලටොක්සින් මට්ටම් සම්බන්ධ ගැටලු හේතුවෙන් අමුද්‍රව්‍ය සැපයුමට සහ නිෂ්පාදන ක්‍රියාවලියට ද බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ගොවීන් 7,500ක් සම්බන්ධ කර ගනිමින් ගබඩා පහසුකම් ද සංවර්ධනය කර දේශීයව අමුද්‍රව්‍ය සපයා ගැනීමටත්, ආනයන වියදම් අවම කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"තෙවරක් යක්ෂයා දුටුවා, නිරයේ දොරටුත් පෙනුණා" - පාප් වහන්සේගේ දිනපොතේ ඇති හොල්මන් කරන සටහන් මෙන්න

"තෙවරක් යක්ෂයා දුටුවා, නිරයේ දොරටුත් පෙනුණා" - පාප් වහන්සේගේ දිනපොතේ ඇති හොල්මන් කරන සටහන් මෙන්න