ජෝන්ස්ටන්ගේ වාහන නඩුවට තීන්දුව ලැබෙයි - දඩයක් සමඟ අත්හිටවූ සිරදඬුවමක්
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් එම තීන්දුව අනුව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එල්ල වී තිබූ චෝදනා තුන වෙනුවෙන් දඩ මුදල් සහ සිරදඬුවම් නියම කර ඇත.
ඒ අනුව, පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.
දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහක කාලයක් සඳහා අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම, තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ. එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් විඳීමට ද නියම කර ඇත.
ඒ අනුව, මෙම නඩුවට අදාළව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කර ඇති මුළු දඩ මුදල රුපියල් 130,000කි.