ණය අර්බුදය ආයෙත් - ආයෙත් බංකොලොත්ද? - රහස් හෙළිවෙයි
ශ්‍රී ලංකාව නැවත බංකොලොත්භාවයට පත්වේද යන්න පිළිබඳව විමසා බැලීමේදී, 2025 වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට ලබා ඇති රාජ්‍ය මූල්‍ය දත්ත අනුව, රජයේ ආදායම් ඉලක්ක ඉක්මවා ගොස් ඇති අතර, අයවැය හිඟය සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.
නොවැම්බර් මාසය අවසන් වන විට රජයේ ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 4,961.8ක් වූ අතර, අයවැය හිඟය රුපියල් බිලියන 325ක් දක්වා 73%කින් අඩුවී ඇත. මෙය දශක ගණනාවකින් ලංකාවේ දක්නට ලැබෙන අඩුම අයවැය හිඟයක් බවට පත්විය හැකි බව දක්වා තිබේ.
බදු ආදායම් නොවැම්බර් අවසානයේදී රුපියල් බිලියන 4,612ක් ඉක්මවා ගොස් ඇති අතර, මෙය වසරේ ඉලක්කය ඉක්මවා ඇත. බදු නොවන ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 350ක් පමණ වූවත්, දෙසැම්බර් මාසයේ ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් මිලියන 100ක ආධාරය (රුපියල් බිලියන 31ක් පමණ) සහ අනෙකුත් ආධාර සමඟ ඉලක්කය ලඟා කිරීමේ හැකියාව තිබේ. පොලී වියදම් රුපියල් බිලියන 2,268ක් දක්වා අඩුවී ඇති අතර, පුනරාවර්තන වියදම් ඉලක්කය තුළම පවතී.
අපේක්ෂිත ලැබීම් (රුපියල් බිලියන)
බදු ආදායම් – 4,590
බදු නොවන ආදායම් හා ලැබීම් – 400
ණය ගැනීම් (අයවැය හිඟය) – 2,200
එකතුව – 7,190
අපේක්ෂිත වියදම් (රුපියල් බිලියන)
පොලී වියදම – 2,950
අනෙකුත් පුනරාවර්තන වියදම් – 2,936
ප්‍රාග්ධන වියදම් – 1,304
එකතුව – 7,190