මාතලේ, නාගල වත්තේ නාය ඛේදවාචකයෙන් මසකට පසුත් තවමත් එම පුද්ගලයින් අනාරක්ෂිතයි

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය මාතලේ, ගම්මඩුව, නාගල වත්ත ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑම හේතුවෙන් වතු නිවාස රැසක් විනාශ වූ අතර තවමත් පුද්ගල මළ සිරුරු පස් යට සැඟව තිබෙන බව ප්‍රදේශවාසීන් සදහන් කර තිබේ.

 ඒ නායයාම හේතුවෙන් මළ සිරුරු සොයා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් වෙනුවෙන් අද (30) දින‍යේ හින්දු ආගමික චාරිත්‍රානුකූලව කටයුතු සිදුකර ඇත.

මාතලේ, ගම්මඩුව, නාගල වත්ත ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයෑම හේතුවෙන් වතු නිවාස රැසක් විනාශ වූ අතර තවමත් පුද්ගල මළ සිරුරු පස් යට සැඟව ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

වලව ගඟ දෙපස ගොඩවැලි කපන්න ආයේ බැහැ හේතුව මෙන්න

වලව ගඟ දෙපස ගොඩවැලි කපන්න ආයේ බැහැ හේතුව මෙන්න

මෙම නාය යෑම සිදුව අදට දින 31ක් ගතව තිබේ.

තවද මේ වනවිටත් එම ප්‍රදේශයේ පවුල් 24ක් තවමත් ජීවත්ව සිටින බව වාර්තා වේ.

එම පුද්ගලයන් හට තවමත් නිසිලෙස මාර්ග පහසුකම් නොමැත. ඒ වගේම පුද්ගලයන් අනාරක්ෂිත ලෙස සිය ජීවිතය ගත කරන ආකාරය දැකගත හැකිය.

තවද තමන්ට ජීවත් විය හැකි ආරක්ෂිත ස්ථානයක් සාදා දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි  .

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්