පොලිස් මාධ්‍ය කොට්ඨාසයට තවත් සම්මානයක්

Report

මෙරට ප්‍රමිතිගත ඇගයුම් සන්නාමයක් වන Iconic Award පුද්ගලික ආයතනය මගින් සංවිධානය කරන ලද People’s Excellency Awards 2025 නීතිගත සම්මාන උළෙල දෙසැම්බර් 29 වැනිදා සවස බත්තරමුල්ල Waters Edge හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මහජන සන්නිවේදනය අතිවිශිෂ්ට ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් ලබාදෙන Public Communication Award සම්මානය මෙවර පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හිමිවූ බව වාර්තා වෙයි.

සම්මානය භාරගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක වැඩබලන සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා උළෙලට සහභාගී විය.

මෙම සම්මානය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරීන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය පිළිබිඹු කරන ජයග්‍රහණයක් ලෙස සැලකේ. 

Gallery