"උඹට කොන්දක් තියෙනවනම් රෝයල් පාර්ක් එකෙන් බැහැලා වරෙන් උඹ කියන තැනට මම එනවා" - 7 වැනිදා වෙන්න යනදේ මෙන්න

Report

යූටියුබ් සමාජ ජාලය භාවිතා කරන බොහෝ දෙනෙක් හොදින්ම දන්න යූටියුබ් චැනල් එකක් තමයි ඉරාජ් ශෝ කියන්නේ. ඉරාජ් ජනප්‍රිය ගායකයෙක් වුණත් මේ යූටියුබ් චැනල් එකෙන්නම් කරන්නේ ටිකක් ආන්දෝලනාත්මක වැඩක්.

මේ වෙනකොටත් ඉරාජ්, කැන්ටිමා හෙවත් අසේල සම්පත් නම් පුද්ගලයකු සමග කරපු වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ට්‍රෙන්ඩින් වෙලා ඉවරයි. ඒ විඩියෝ පටය ඔස්සේ ඔවුන් "සුදා" නම් පුද්ගලයාට අතිශ්‍ය දරුණු චෝදනා කිහිපයක්ම එල්ල කරලා තියෙනවා.

බෝම්බ තර්ජනයක් - කටුනායක ගුවන් තොටුපළේ බෝම්බ බියක්

බෝම්බ තර්ජනයක් - කටුනායක ගුවන් තොටුපළේ බෝම්බ බියක්

ඒ විතරක් නෙමෙයි.ඔවුන් ඒ වීඩියෝ පටය ඔස්සේ ජනපති අනුර කුමාර සුදා නමැත්තාට සහය දක්වන බවත් සුදා රාජ්‍ය දේපල අවභාවිතා කරන බවත් චෝදනා කරලා තියෙනවා.

වීඩියෝ පටයේදි අසේල සම්පත් සුදාට අභියෝග කරමින් බැන්නේ "උඹට කොන්දක් තියෙනවනම් රෝයල් පාර්ක් එකෙන් බැහැලා වරෙන් උඹ කියන තැනට මම එනවා " කියලයි.

කැන්ටිමා හෙවත් අසේල සම්පත් හා සුදා අතර වෙන්න යන මේ බිහිසුණු මුහුණට මුහුණ විවාදය මොන වගේ වෙයිද කියලා ජනවාරි 7 බලන්න පුලුවන් වෙයි.

මේ වයිරල් ගිය වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝ පටය පහළින්

වීඩියෝව මෙතැනින්