අත්අඩංගුවට ගත් මාලිමා ප්‍රාදේශීය සභා සභාපතිට ඇප මත

Report

ජාතික ජන බලවේගය පාලනය යටතේ ක්‍රියාත්මක වන ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර මහතාට එරෙහිව එල්ල වූ පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ඔහු අද (30) ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින ලදී.

අධිකරණය විසින් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කර ඇති අතර, නඩුව ඊළඟට කැඳවීම පෙබරවාරි 03 වැනිදාට නියම කර ඇත.

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

පසුගිය 28 වැනිදා රාත්‍රියේ කුරුඳුවත්ත අම්බලපිටිය ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබේ. එම තරුණයා තම ව්‍යාපාරික ස්ථානයෙන් නිවස බලා යමින් සිටියදී මෙම පහරදීම සිදුවූ බව පවසමින් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් වී තිබුණි. දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසුව මෙම සිදුවීම සිදුවූ බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ නමුත්, සභාපති ඉන්දික උපුල් ගුණසේකර මහතා ඊයේ (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම චෝදනා පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. 

තවත් බෝම්බ තර්ජනයක් - පිට පිට ජනතාව බය කරන්න හේතුව මොකද්ද? ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන්

තවත් බෝම්බ තර්ජනයක් - පිට පිට ජනතාව බය කරන්න හේතුව මොකද්ද? ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන්