වැසිකිළි වලට වැටී තුන් හැවිරිදි කිරි සප්පයා මරුට
By Mithu
ආණමඩුව වඩත්ත ගම්මානයේ සිදුවූ දරුණු අනතුරක් පිළිබඳව පොලිසිය අද (30) නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන පරිදි වඩත්ත ගම්මානයේ තුන් හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස වැසිකිළි වලකට වැටී මියගිය ගොස් තිබේ.
මෙම දරුවා එච්.එම්. සතිස් ශෙනුල් ලෙස වාර්තා වේ.
දරුවා මෙම අනතුරට මුහුණපා ඇත්තේ මිත්තනියගේ නිවසේ රැඳී සිටියදීය.
එවිට ඔහු වැසිකිලියක් සඳහා කපා තිබූ ජල පිරි වලකට වැටීඇති අතර, පවුලේ අය කඩිනම්ව දරුවා රෝහලට රැගෙන ගිය බව වාර්තා වේ.
නමුත් , රෝහලට ඇතුළු කීරීමට පෙර ද දරුවා ජීවිතක්ෂයට පත් වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.