මහබේරියතැන්න NLDB ගොවිපළේ කෝපි අවන්හල සංචාරක ආකර්ෂණයක් බවට සැලසුම් කරන්න පියවරක්

Report

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා දිගන මහබේරියතැන්න ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් විශේෂ ගොවිපළ නිරීක්ෂණය කිරීම සඳහා එක්ව තිබේ.

දිට්වා සුළි කුණාටුවෙන් ගොවිපළට යම් බලපෑමක් එල්ල වුවද, කිසිදු සත්ත්වයෙකුට හානියක් සිදු නොවීම අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව ඇත. මෙහිදී බැටළු ගාල්ල පිළිබඳ විශේෂ නිරීක්ෂණයක් සිදුකර ඇති අතර, සත්ත්ව සංඛ්‍යාව වැඩි කිරීම මගින් ගොවිපළේ ආදායම ඉහළ නැංවීම සඳහා ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබේ.

මහබේරියතැන්න NLDB ගොවිපළේ කෝපි අවන්හල සංචාරක ආකර්ෂණයක් බවට සැලසුම් කරන්න පියවරක් | Minister Lal Inspects Mahaberiyatenna Nldb Farm

නව සේවකයන් බඳවා ගැනීම, ගාල්ල ප්‍රමාණය වැඩි කිරීම සහ ඒ හරහා සත්ත්ව සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අවශ්‍ය සියලු සහාය රජය වෙනුවෙන් ලබාදීමට අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී ඇත. ඒ අනුව, අදාළ යෝජනා අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මහබේරියතැන්න ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ගොවිපළේ නිෂ්පාදන සහිත අලෙවිසැලක් මෙන්ම, විදේශ සංචාරකයන් ඉලක්ක කරගත් කෝපි ෂොප් එකක් ද පවත්වාගෙන යයි. මෙහිදී ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කෝපි ප්‍රභේදයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන ඇති බව දැකගත හැකිය. මෙම කෝපි ප්‍රභේද තවදුරටත් වැඩිදියුණු කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

මහබේරියතැන්න NLDB ගොවිපළේ කෝපි අවන්හල සංචාරක ආකර්ෂණයක් බවට සැලසුම් කරන්න පියවරක් | Minister Lal Inspects Mahaberiyatenna Nldb Farm

පශු සම්පත් ක්ෂේත්‍රය කාර්යක්ෂම සහ දියුණු මට්ටමකට ගෙන ඒමේ රජයේ ක්‍රියාමාර්ගය තුළ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ගොවිපළවල් සංවර්ධනයට විශේෂ අවධානයක් යොමු වෙමින් පවතින බව මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පැහැදිලි වෙයි.