දේශබන්දුගේ සීට් එකට මොකද වෙන්නෙ කියන විවාදෙට දින
ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදය එළඹෙන අගෝස්තු 5 වන දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මඟින් අද (24) දින නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව මෙම යෝජනා සම්මත විවාදය පැවැත් වීමට නියමිතව ඇත.