දෙදරු මවකගේ සිරුරක් බෝගම්බර වැවෙන් හමු වෙයි..

Sri Lanka Police Kandy Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Jun 21, 2023 03:19 AM GMT
krishani

krishani

Report

ඊයේ (20) මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ඒ නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී ය.

එහිදී එම කාන්තා සිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් ය.

මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේවෙතත්, මෙය සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් විමර්ශන සිදුකරයි.