වැවක මළසිරුරක් පාවෙමින් තිබිය දී සොයාගනී..
Sri Lanka Police
Sri Lanka
By krishani
අතුරුදන් වූ කාන්තාවකගේ මළසිරුරක් බණ්ඩාරගම - අළුත්ගම වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත.
ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව අදාළ තැනැත්තියගේ සිරුර උදෑසන පොලිසිය විසින් සොයාගැනුණු අතර මියගොස් ඇත්තේ බණ්ඩාරගම - වැල්මිල්ල හන්දිය මෛත්‍රී මාවතේ පදිංචිව සිටි අමිතා බාලසූරිය නමැති 60 හැවිරිදි එක්දරු මවකී.
ඇය කිසියම් රෝගාබාධයකින් පෙලුණු බවටත් මළසිරුර දින කිහිපයක් ජලයේ තිබීම හේතුවෙන් එහි මුහුණ සතුන් විසින් කා දමා ඇත.
මේ වනවිට මෘත ශරීරය පානදුර රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
