කාන්තාවක් සහ පිරිමි අයෙක් සැකකටයුතු ලෙස මිය ගිහින්..
By krishani
සැකකටයුතු ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු දෙකක් ඇල්ල සහ මතුගම යන ප්‍රදේශවලදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඇල්ල ප්‍රදේශයේදී මියගොස් තිබුණේ කාන්තාවක් වන අතර ඇය වයස අවුරුදු 49ක් පමණ වන අඹදණ්ඩේගම, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වේ.
මතුගම ප්‍රදේශයේදී මියගොස් තිබුණේ වයස අවුරුදු 60ත් 70ත් අතර වියේ පසුවන පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මතුගම, පින්නගොඩ, අගලවත්ත පොදු සුසාන භූමිය පිටුපස පිහිටි කුඹුරු යායක තිබියදී එම පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත්තේ.