ගුවන් අනතුරින් මිය ගිය ගණන ඉහළට
අහ්මදාබාද් ගුවන්තොටුපොළ ආසන්නයේ ඉන්දීය ගුවන්යානයක් අනතුරට පත්වීමෙන් මගීන් 143කු මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය කිහිපයක් තොරතුරු අනාවරණය කර තිබෙනවා.
මේ වනතෙක් කිසිඳු ඉන්දීය මාධ්‍යයක් නිශ්චිතව අනතුරෙන් මියගිය මගීන් ගණන ප්‍රකාශයට පත්කර නොමැත.
මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:15ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය.
මෙහි ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 59 දෙනෙකු, පෘතුගාල ජාතිකයින් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ගමන් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගුවන් යානය අනතුරට ලක්වීමත් සමග අහ්මදාබාද් මේඝානිනගර් ප්‍රදේශයේ දැඩි දුමාරයක් දිස්වූ බවයි.
ඉන්දීය ගිනි නිවන හමුදාව මෙන්ම හදිසි ප්‍රතිචාර කණ්ඩායම් ද අදාළ ස්ථානයට කඩිනමින් ළඟාවී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගුවන්යානයේ එංජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බවට සැක පළ කෙරෙන අතර එය මේ වනතෙක් කිසිදු පාර්ශ්වයක් තහවුරු කර නොමැත.
මේ අතර අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
