මරණ දඩුවම දීලත් අවුරුදු 10ක් කට්ටි පැනලා

Report

මරණ දඬුවමකට නියම වී වසර 10ක කාලයක් අධිකරණය මගහැර සිටි පුද්ගලයෙකු බුද්ධම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු බදුල්ල, හාලිඇල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

මෙම පුද්ගලයාට එරෙහිව 2015 අප්‍රේල් 27 වනදා බදුල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇති අතර, එහිදී විත්තිකරු ලෙස ඔහු නොපැමිණීම හේතුවෙන් නඩුව විත්තිකරු නොමැතිව විභාග කර ඇත.

ඔහුට එරෙහිව නඩුවක් පවරා තිබුණේ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකටය. නමුත් තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර, අධිකරණය විසින් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

කෝ රටේ නීතිය ? මත්ද්‍රව්‍ය වලට එරෙහිවුණාට පොලිසිය වගේ ඇවිත් මරලා දාලා

මෑතකදී බුද්ධම ප්‍රදේශයේ බිරිඳට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් අතර, පොලිසිය සිදුකළ විමර්ශනයකදී ඔහුට මරණ දඬුවම පනවා තිබූ බව අනාවරණය විය.

සැකකරු එම ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගෙන කුලී වැඩ කරමින් ජීවත්වී සිටි බවද පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඔහුට සම්බන්ධ තොරතුරු සහිත වාර්තාවක් සමඟ සැකකරු සියඹලාන්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පසුව වැඩිදුර විමර්ශන සඳහා බදුල්ල පොලීසියට භාරදී ඇත.

බදුල්ල මහාධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු මහින්ද ලියනගම මහතා විසින් සැකකරු ජූලි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.