ඉන්ධන පෝලිමකින් තවත් සංවේදී මරණයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 16, 2022 06:37 AM GMT
krishani

krishani

Report

කැකිරාව - ඉපලෝගම IOC ඉන්ධන පිරවුම්හලේ දී පුද්ගලයෙකු ඊයේ(15) ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අදාළ පුද්ගලයා තෙල් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටි අයෙකු බව වාර්තා වේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචි ව සිටි 40 හැවිරිදි දෙදරු පියෙක් වන අතර එම පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු බව වාර්තා වේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා සිය යතුරුපැදියේ ටැංකිය ද ගලවාගෙන සිය මිතුරකු සමග පෝලිමට පැමිණ තිබෙන ඔහු පෝලිමේ රැඳී සිටිය දී එකවරම සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව ඉපලෝගම පොලිසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha