අභිරහස්ව මියගිය පුද්ගලයෙක්ගේ මළ සිරුරක් හමු වෙලා - මියගිය සුනඛයෙකු ද ඔහු අසලින්ම ඉදලා.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 27, 2023 01:47 AM GMT
krishani

krishani

Report

ගම්පොළ - ඇත්ගාල ප්‍රදේශයේ පොලීසිය අසල කැළෑ ප්‍රදේශයක තිබී පිරිමි පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

කුකුල් මස් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටි 46 හැවිරිදි ඇත්ගාල ප්‍රදේශයේ පුද්ගලයෙක් එසේ මියගොස් ඇත්තේ.

මළ සිරුර හමූ වු කැළෑබද ප්‍රදේශයට ඉහළින් ඇති ඉඩමේ ඇතැම් ස්ථානවල විදුලි රැහැන් ඇද ඇති බවත් මිය ගිය පුද්ගලයා එම කැළෑ ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වේ.

ඔහු එම ප්‍රදේශයට යෑම හේතුවෙන් විදුලිසැර වැදී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර එම පුද්ගලයාගේ මළ සිරුර අසල සුනඛයා ද මියගොස් සිටි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join