ඉවසන්නම බැරි තැන බිරිඳක් සැමියව කණුවක තියලා බැඳලා - අවසානයේ සිදුවුණ දෙය..

Report

වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් මිය ගොස් සිටිය දී වැලිගම වලාන රජයේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉවසන්නම බැරි තැන බිරිඳක් සැමියව කණුවක තියලා බැඳලා - අවසානයේ සිදුවුණ දෙය.. | Death One Person At Waligama

එහිදී රෝහලෙන් සිදුකළ දැනුම්දිමට අනුව වැලිගම පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ උඩුකාව කොස්ගහාහේන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් ය.

පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා බීමතින් නිවසට පැමිණ සෑම දිනකම බිරිඳ සමඟ ආරවුල් ඇති කර ගන්නා බවයි.

අද (02) පස්වරුවේ දී ද මොහු බීමතින් නිවසට පැමිණ ඇති අතර බිරිදට පහර දි තිබෙනවා.

එම අවස්ථාවේ දී බිරිඳ විසින් තමන්ට පහර දෙන සිය ස්වාමියා අල්ලා නයිලෝන් වර්ගයේ කඹයකින් නිවසේ ඉදිරිපස තිබු කණුවක බැඳ දමා ඇත.

ඒ බව පොලිසිය සඳහන් කළේ ය.

මඳ වේලාවක් ගොස් බලන විට දී සිය සැමිය සිහිසුන්ව සිටින බව දැක වැලිගම වලාන රජයේ රෝහලට ඇතුලත් කිරිමට බිරිද විසින් කටයුතු කර තිබෙනවා.

නමුත් ඔහුව රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

උත්සව සමයේ දී කාන්තාවන් වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - අද සිට ක්‍රියාත්මකයි..

උත්සව සමයේ දී කාන්තාවන් වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න - අද සිට ක්‍රියාත්මකයි..


ඒ සම්බන්ධයෙන් වලාන රජයේ රෝහල විසින් වැලිගම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පොලිස් බාරයට ගෙන පරික්ෂණ ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (03) දින මාතර මහා රෝහලේ දි සිදු කිරිමට නියමිතයි.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම පොලිසිය විසින් පවත්වනු ලබයි.