ඇසිඩ් ප්‍රහාරය පුද්ගලයෙක්ට ගෙනා අගතිය.
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
By krishani
නාදුනන පුද්ගලයෙකුගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වී පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් තිබෙන බව පාදුක්ක පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු කුලී වැඩවල නිරත වන සියඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි.
විමර්ශනවල දී හෙළි වී ඇත්තේ පසුගිය විසිපස් වැනි දා පාදුක්ක සියඹලාව ප්‍රදේශයේ පිහිටි මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා පාදුක්ක පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
