අම්මගෙයි තාත්තාගෙයි රණ්ඩුවට මැදි වුණ දරුවෙක් රෝහලේ - ශෝකයට පියා ගෙල වැළලාගෙන මිය යයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Aug 06, 2023 02:11 PM GMT
krishani

krishani

Report

මව සහ පියා අතර වූ ආරවුලකට මැදි වී 12 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතල තුවා ලැබූ පුවතක් මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

බරපතල තුවාල ලැබූ එම දරුවා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

එම සිද්ධියෙන් පසු දරුවාගේ පියා ගෙළවැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත් වූ දරුවාගේ පියා බීමතින් පැමිණ මවට පහර දී ඇත. එහිදී පියා විසින් නිවසෙහි තිබූ භාණ්ඩයකින් මවට පහර දී තිබෙනවා.

එය දරුවාගේ හිසෙහි වැදී දරුවා සිහිසුන් වී ඇත.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් විසින් දරුවා රෝහල්ගත කර ඇති අතර එම සිද්ධියෙන් පසුව දරුවාගේ පියා නිවස තුළ දී ගෙළවැළලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha