යාත්‍රාවක් තුළ පුද්ගලයෙක් මිය ගිහින්..
දික්ඕවිට ධීවර වරායේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් වත්තල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම පුද්ගලයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමග පෙබරවාරි මස 03 වනදා මසුන් ඇල්ලීම සඳහා පිටව ගොස් ඇත.
එහිදී අදාළ පුද්ගලයාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් යාත්‍රාව නැවත හරවා වරාය දෙසට පැමිණෙමින් තිබිය දී පසුගිය 16 වනදා දහවල් කාලයේ යාත්‍රාව තුළ දී ඔහු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි අයෙකී.එම මළ සිරුර රාගම රෝහලේ තැන්පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
