පිය සෙනෙහස කියන්නේ වචනයෙන් කවදාවත් කියලා නිම කරන්න බැරි දෙයක් - පුතු වස පානය කළැයි ඇසුණු සැණින් පියෙකුට සිදුවුණ සංවේදී ඉරණම..

Jaffna Sri Lanka
By krishani Nov 10, 2023 01:23 PM GMT
krishani

krishani

Report

ඊයේ (09) යාපනයේ කෝපායී ප්‍රදේශයේ තරුණයෙකු වස පානය කිරිම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒත් සමගම එම තරුණයාගේ පියා හෘදයාබාධයකින් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ කෝපායි මඩි ප්‍රදේශයේ පදිංචි මුතුත්තතම්බි විවේකානන්දන් නැමති 71 හැවිරිදි පියෙක් ය.

එලෙස මිය ගිය පියාගේ දෙවෙනි පුතා සිත්තැවුලක් හේතුවෙන් වස පානය කර ඇත.

එම සිදුවීම ඇසීමත් සමගම පියා ක්ලාන්ත වී ඇද වැටී ඔහුද යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස වස පානය කළ පුතා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබද්දී පියා මියගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, යාපනය ශීක්ෂණ රෝහලට එම පියාව ඇතුළත් කරන අවස්ථාවේ දි ඔහු ඉතා දරුණු ලෙස හෘදයාබාධයකට ලක්ව සිට ඇත.

ReeCha