වන අලි පහරදීමකින් සිදු වූ සංවේදී ඛේදවාචකයක්..
By krishani
අනුරාධපුර - තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ගම්මානයට පැමිණි වන අලියකු සිදු කළ පහරදීමකින් 62 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (22) අලුයම ගෙවත්තට පැමිණි වන අලියකු මෙලෙස නිවසේ පිටු පස දොර අසලදීම මෙම පුද්ගලයාට පහරදී ඇත.
වන අලියා සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.