ඉන්ධන පෝලිමක් අසලින් හමු වූ නාදුනන මළසිරුර..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 13, 2022 04:11 AM GMT
krishani

krishani

Report

අද(13) උදෑසන මදුරන්කුලිය නගරයේ ඉන්ධන පෝලිමක් අසළ කාණුවක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ.

එම ස්ථානයට පැමිණි පිරිසක් සිදුකළ දැනුම්දීමක් අනුව මදුරන්කුලිය පොලිසිය ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මළ සිරුර මේ වනවිටත් අදාළ ස්ථානයේම තිබෙන අතර මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha