සිත්පිත් නැති මිනිසෙක්, බැල්ලියකට සහ බලු පැටව් හතකට ගිනි තබා ඝාතනය කරලා..
Sri Lanka Police
Jaffna
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
යාපනයේ - චාවාකච්චේරී මුරුසවිල් නවසිකුලම් ප්‍රදේශයේ කූඩුවක සිටි බැල්ලියක හා පැටවුන් හත් දෙනෙකු ගිනි තබා තිබෙනවා.
එම ගිනි තැබීමෙන් එම සතුන් ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඝාතනය කළ පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ සදහා යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබී ඇත.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුවයි.
අනතුරුව ඔහු චාවාකච්චේරී පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් දැණුම් දී තිබෙනවා.
ඝාතනය සිදුකළ පුද්ගලයා විසින් මරා දමා ඇත්තේ සති දෙකක් පමණ වයස බලු පැටවන් හත් දෙනෙකු හා එම බලු පැටවුන් ප්‍රසූත කළ බැල්ලියයි.