පසුගිය මස දෙමහල් නිවසක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල්ගත වූ කුඩා දියණියත් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 04, 2022 04:09 AM GMT
krishani

krishani

Report

පසුගිය මස 25 වන දා හෝමාගම - මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර සිටි 6 හැවිරිදි කුඩා දැරියද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ගින්නෙන් මව, පියා සහ 19 හැවිරිදි වැඩිමහල් දියණියද ජීවිතක්ෂයට පත්වූ අතර, සය හැවිරිදි දැරිය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වූ අතර ඊයේ අලුයම ඇයද ජීවිතක්ෂයට පත්ව ඇති බවට කහතුඩුව පොලිසියට රෝහල් පොලිසිය විසින් දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ අනුව ගින්නට හසු වී පිළිස්සුම් තුවාල ලැබූ පවුලේ සියලුමදෙනාම ජීවිතක්ෂයට පත් වූ අතර දැරියගේ දේහය ඥාති නැන්දණියක විසින් භාරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha