ළිඳකට වැටී දරුවෙක් අවාසනාවන්ත ලෙස මිය යයි.

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death
By krishani Sep 01, 2023 05:24 PM GMT
krishani

krishani

Report

ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ ළිඳකට වැටී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ වයස අවුරුදු 09ක පිරිමි දරුවෙක් මෙලෙස මියගොස් තිබෙන්නේ.

අද (01) වෙනත් ප්‍රදේශයක සිට එම දරුවා සහ එම පවුල අදාළ නිවසේ කුලී පදනම මත පදිංචියට පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවා එම නිවස පිහිටි ඉඩමේ තිබූ කුඩා ළිඳට වැටී ඇත්තේ නිවසේ සිටි වැඩිහිටියන් ගෙදර වැඩකටයුතු කරමින් සිටි අතරතුර දී ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඇල්පිටිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

    

ReeCha