ජලාශයක පාවෙමින් තිබූ නිරුවත් මළ සිරුරක් හසු වෙයි.
By Sithumi
හැටන් නගරයට පානිය ජලය ලබාදෙන හැටන් සිංගිමලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් අද(17) සොයාගත් බව හැටන් පොලිසිය කියයි.
එම රක්ෂිතයේ දර කැඩිමට ගිය පුද්ගලයෙකු ජලාශයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට හැටන් පොලිසියට සිදුකල දැනුම්දිමක් මත එම මලසිරුර සොයාගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, එම ජලාශයේ ප්‍රදේශවාසින් දිය නෑම සිදු කරයි. එමෙන්ම අවට වතුකම්කරුවන් එම ජලාශයේ ධිවර කටයුතුවලද නිරතව සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |