මොන තිරිසන් වැඩක්ද? මරලා පොහොර උරේක දාලා විසික් කරලා අදුරගන්නත් බැරි තරමට සිරුර විනාශ වෙලා
පොලීසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයකදී කලවාන සහ මතුගම අතර ප්රධාන මාර්ගයේ, අම්බලම හේන ප්රදේශයේ පිහිටි අම්බලම හේන දොළේ තිබී නාඳුනන මළ සිරුරක් හමු වී ඇත.
පොලිසිය සිදුකල විමර්ශනයෙන් පොලීසිය වාර්තා කළේ මියගිය පුද්ගලයාගේ සිරුරේ පහළ කොටස පෝර උරයක බහා තිබුණ බවයි.
විමර්ශන වලින් පොලීසිය සැක කරන්නේ මියගිය පුද්ගලයා ඝාතනය කර ඉන් පසු මළ සිරුර අම්බලම හේන දොළට දින තුනකට පමණ පෙර ගෙනවිත් දමා තිබුණු බවයි.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ඉදිමී ශරීරයේ පැහැය වෙනස් වී ඇති බැවින් ඔහු කවුදැයි හඳුනා ගැනීමට අපහසු බවයි.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න සහ මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයන් පිළිබද පොලීසියමේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.