අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට ..

By Aruna Feb 07, 2025 06:36 AM GMT
Report

ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ දී අද (07) සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තරුණයකු විසින් ඉපලෝගම රණජයපුර මංසන්ධීයේ සිට රණජයපුර නිවාස සංකීර්ණය දෙසට ධාවනය කරමින් තීබු නවීන පන්නයේ යතුරු පැදියක් වේගය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක වැදිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

රජයේ සියලුම ගෙවීම් අද සිට දැවැන්ත වෙනසක් වෙයි..ගාස්තුත් අඩු කරයි?..

රජයේ සියලුම ගෙවීම් අද සිට දැවැන්ත වෙනසක් වෙයි..ගාස්තුත් අඩු කරයි?..


මිය ගොස් ඇත්තේ එම යතුරු පැදිය පැදවූ බව කියන ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 25ක් වන චානුක දේශාන් හේරත් නමැති අවිවාහක තරුණයෙකු බවට වර්තා වනවා.

අනතුරින් පසු බරපතළ තත්වයේ සිටි එම තරුණයා රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇත.

ශ්‍රීපාද වන්දනාවේ ගිය නඩයක තරුණ යුවලක් නාද්දි තරුණයාට සිදුවූ කිසිවෙකු නොසිතූ සිදුවීම මෙන්න..

ශ්‍රීපාද වන්දනාවේ ගිය නඩයක තරුණ යුවලක් නාද්දි තරුණයාට සිදුවූ කිසිවෙකු නොසිතූ සිදුවීම මෙන්න..


පොලිසිය සඳහන් කළේ මිය ගිය තරුණයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස රාජකාරීකරමින් සිටි අයෙක් වන අතර ඔහු ගනේමුල්ල ප්‍රදේශයේ කඳවුරකට අනියුක්තව සේවය කරමින් සිට ඇත. 

You May Like This Video