වෙඩි වැදුණු මළසිරුරක් ගුවනින් කටුනායකට.

Police Sri lanka Gagana Katunayake ariport Agith rohana
By Aruna Apr 19, 2021 05:04 AM GMT
Report

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (18) සවස 4.00 පමණ එම සිරුර රැගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

ඔහු ඉතාලියේ, ඇප්‍රේනියා නගරයේ සේවය කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු සේවය කළ ස්ථානයේ ඇති වූ යම් සිද්ධියකදී මේ පුද්ගලයා මියගොස් ඇති බවත් ඉන්පසුව ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මරණ පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියමිත බවද ඔහු පැවසීය.