විවාහ උත්සවයක් අතරතුර තරුණියක් මිය ගිහින්..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Death
By krishani
හොරණ - ගෝනපල ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයක් අතරතුර දී තරුණියක් මිය ගොස් තිබෙනවා.
ඒ එම විවාහ උත්සවය අතරතුර නර්ථනයේ නිරත වෙමින් සිටි දී ය.
පොලිසිය සඳහන් කළේ, ඇයට එම අවස්ථාවේ දී අසනීප තත්ත්වයකට පත්ව ඇති බවයි.
පසුව එම තරුණිය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර තිබෙනවා.
ඉන් පසුව ඇය හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එම අවස්ථාව වන විටත් තරුණිය මියගොස් සිට ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් ය.
