සෙල්ලම් කරමින් සිටි දස හැවිරිදි දරුවෙක් යකඩ කූරු ප්‍රහාරයකින් ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Jul 08, 2023 05:47 AM GMT
krishani

krishani

Report

යකඩ කුරකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දස හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබෙනවා.

ඒ මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

එකම පවුලක ඥාතීන් වන මියගිය දරුවා සහ තවත් දරුවෙක් සෙල්ලම් කරමින් සිටිය දී පහර දුන් යකඩ කූර නළල පසාරු කරගෙන ගොස් ඇත.

පහරදීම සිදුකළ බව කියන දොළොස් හැවිරිදි දැරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාව පතා ළමා නිවාසයක රැඳවීමට පියවර ගෙන ඇත.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටාන පොලිසිය විසින් සිදු කරනු ලබයි.