එවරස්ට් ගොස් අතුරුදන් වූ කෙන්යානු ජාතිකයෙකුගේ මළ සිරුර හමුවේ...

By Parami Dissanayake May 23, 2024 01:01 PM GMT
Report

එවරස්ට් කඳු මුදුන ආසන්නයේ තිබී අතුරුදන් වූ කෙන්යානු කඳු නගින්නෙකුගේ මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ , 40 හැවිරිදි Joshua Cheruiyot Kirui සහ 44 හැවිරිදි ඔහුගේ නේපාල මාර්ගෝපදේශක Nawang Sherpa යන දෙදෙනා අතිරේක ඔක්සිජන් නොමැතිව එවරස්ට් කඳු මුදුන නැගීමට උත්සාහ කරමින් සිටිය දී අතුරුදහන් වී සිටි බවයි.

අතුරුදන් වූ දෙදෙනා සොයා ගැනීමට යොදවා තිබූ ගවේෂණ කණ්ඩායම තවමත් මාර්ගෝපදේශක Nawang Sherpa සොයාගෙන නොමැති බව ප්‍රාදේශීය සංචාරක නිලධාරියෙක් දැනුම් දී තිබෙනවා.

ගසක් කඩා වැටී තරුණියක් මරු තුරුලට...

ගසක් කඩා වැටී තරුණියක් මරු තුරුලට...

කිරුයි මහතාගේ අවසාන Instagram සටහනේ අමතර ඔක්සිජන් නොමැතිව එවරස්ට් කන්ද තරණය කර හැකි බවට විශ්වාසය කරන බව ද සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ මරණය පිළිබඳ පුවත කෙන්යානු කඳු නැගීමේ ප්‍රජාවට දැඩි ලෙස බලපා ඇති බව ද සඳහන් වේ. මේ සතියේ එවරස්ට් තරණය කළ සිව්වැනි මරණය කිරුයි මහතාගේ මරණය බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.

එවරස්ට් ගොස් අතුරුදන් වූ කෙන්යානු ජාතිකයෙකුගේ මළ සිරුර හමුවේ... | Dead Body Of Kenyan Man Who Went Missing