ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ අනන්‍යාතාව හෙළිවෙයි..!

By Sewvandhi Sep 17, 2023 10:31 AM GMT
Report

පසුගිය 15 වනදා සීදූව - බෙල්ලානවත්ත කිඳිගොඩ ප්‍රදේශයේ දඩුගංඔය ඉවුරේ ගමන් බෑගයක් තුළ බහා තිබියදී සොයා ගත් මළ සිරුර මාරවිල - කුඩාවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, ගෙලේ තිබූ පච්චය සහ ශරීර ලක්ෂණ මගින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිය පුත්‍රයා බව මව විසින් හඳුනාගෙන ඇති බවයි.

අනාවරණ වී තිබෙන්නේ, පුද්ගලයින් විදේශ ගත කරන බව පවසමින් මාරවිල, මහවැව, කටාන ඇතුලු විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් වංචනික ලෙස අදාළ පුද්ගලයා මුදල් ලබාගෙන ඇති බවටයි.

එලෙස මුදල් ලබාගත් අයවළුන් මගහැරීම සඳහා අදාළ පුද්ගලයා මීට දින හයකට පමණ පෙර මාරවිල ප්‍රදේශයේම ඥාතියෙකුගේ නිවසට යාමෙන් අනතුරුව කිසිදු තොරතුරක් ලැබී නැහැ.

කෙසේ වෙතත් ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් කිසිවෙකු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබූ පසුබිමකයි පෙරේදා ගමන් මල්ලක බහා තිබියදී දඩුගං ඔය ඉවුරෙන් මළ සිරුර හමුවී ඇත්තේ.