ඉෂාරාගේ දුරකථනය වළදමා තිබියදී හමුවේ - තොරතුරු රැසක් එළියට
පාතාල කල්ලි සාමාජිකයෙකු වන 'ගනේමුල්ල සංජීව' ඝාතන නඩුවේ ප්රධාන සැකකරු වන ඉෂාර සෙව්වන්දි ඝාතනය සැලසුම් කිරීමට යොදා ගත් ජංගම දුරකථනය ගම්පහ ප්රදේශයේ වළ දමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබේ.
මෙම ජංගම දුරකථනය හරහා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග ද සඳහන් කර තිබේ.
මෙම ඝාතනය සඳහා තමාට කිසිදු මුදලක් නොලැබුණු බව ද ඉෂාරා සෙව්වන්දි ප්රකාශ කළාය. පසුව කරන ලද විමර්ශනයේදී ඉෂාරගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව අනාවරණය විය.
කෙසේ වෙතත්, ඔහුට වෙනත් බැංකු ගිණුම් තිබේද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි වැලිපැන්න ප්රදේශයට ගොස් පොලිස් නිලධාරියෙකුගේ නැන්දනියකගේ නිවසේ නවාතැන් ගත්තාය.
ඒ අනුව සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ පොලිස් නිලධාරියාගේ මස්සිනා මඩුගම ෂාන් ගේ සහායකයෙකු බවත් ඔහුගේ ඉල්ලීම මත ඇය රඳවාගෙන සිටි බවත්ය.
ඉෂාරා මෙම නිවසේ දින දෙකක් නැවතී සිට පසුව දොඩන්ගොඩ ප්රදේශයේ නිවසකට ගියාය. එම නිවස මඩුගම ෂාන් ගේ මිතුරෙකුට අයත් වූ අතර ඇය මාසයකට ආසන්න කාලයක් එම නිවසේ නැවතී සිට ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.