ප්‍රභල මන්ත්‍රීවරියක් පක්ෂයෙන් නෙරපාදමයි.. මන්ත‍්‍රී ධුරයෙන්ද ඉවතට..

Parliament Dayana Gamage Samagi janabalawegaya p
By Aruna Oct 08, 2021 12:40 AM GMT
Aruna

Aruna

Report

ගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් මෙම තීරණය ගත් බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම වෙත ලිපියක් භාර දීමට තීරණය කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයා වෙත එම ලිපිය භාර දෙන බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව පිවිසුනද ඇය ආණ්ඩුවට සහයෝගය දක්වමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now