ශ්‍රී සර්වඥ ධාතු වන්දනාවේ පස්වන දිනය අදයි
ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ලබන 11 වැනිදා දක්වා පැය 24 පුරාම ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ජනතාවට හිමිව තිබේ .
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ පසුගිය 04වැනිදා පස්වරුවේ ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කරවනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවනු ලැබීය .
ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති බව වාර්තා වේ.
මෙම ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට ශ්‍රී ලාංකික ජනතාවට මෙලෙස මහගු අවස්ථාවක් හිමිව තිබේ .
දෙව්නි මෝරි ස්වර්ඥ ධාතුන් වහන්සේ වැදපුදා ගැනීමට අතිවිශාල පිරිසක් ශ්‍රද්ධා භක්තියෙන් නොකඩවා පැමිණෙයි..