දුව මවට මිටි පහරක් ගසා සිදුකළ වැඩෙ.. ඇග කිළිපොලා යන කතාව..

Hit srilankq
By Sithumi Mar 06, 2022 03:30 PM GMT
Sithumi

Sithumi

Report

බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි සිසුවියක් වයසින් වැඩි අයෙකු සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් මවකළ අවවාදයකට උරණවී මවගේ හිසට මිටි ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදුකර ඇතැයි කියන සැකකාර දියණිය බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් පත් කිරීමට නියමිත බව බේරුවල පොලිසිය කියයි .

සිය නිවසේ දී මව සමග විටින් විට උරණ වී නිතර අඩදබර ඇති කරගන්නා බවත් ඊයෙ පස්වරුවේ මව සමග ඇති කරත් කතා බහ දුරදිග ගොස් නිවසේ තිබූ යකඩ මිටියකින් මවගේ හිසට එල්ල කර පහර කීපයකින් ඇය තුවාල ලබා බේරුවල පොලිසියට පැමිණිලි කර රෝහල්ගත වී ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .

තම පියා සහ මව පහර දුන් බව කියමින් සැකකාර දියණිය මෙයට මාස එකහමාරකට පෙර රුධිරය තැවරුණු පාසල් නිල ඇඳුම පිටින් බේරුවල පොලිසියට පැමිණ පැමිණිලි කර ඇති සිද්ධියක් විභාග කර සමථයකට පත්කර අවවාද කර බවත් පොලිසිය කියයි.

දුවගෙන් පහර කා තුවාල ලැබූ මව බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now